කොල්ලො කෙල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 10 ක් මෙන්න.(Girls Only)මේක අනිවාරෙන්ම කියවන්න.
- Admin
- Dec 25, 2017
- 2 min read

එයා ඔයාව දැක්ක පලවෙනි දවසෙ කැමති වෙන්නෙ ඔයාගෙ පෙනුමට.ඒත් එයා ඔයාට ආදරේ කරන්න ගත්තහම ඔයාගෙ පෙනුමට වඩා ගොඩක් දේවල් ඔයාගෙන් බලපොරොත්තු වෙනව.ඒත් ගොඩක් කෙල්ලොන්ට ඒව මොනවද කියල තේරෙන්නෙ නෑ.
එහෙම උනහම තමයි සම්බන්ධතා නැති වෙන්නෙ.එහෙම නොවෙන්න නම් ඔයා මේක කියවන එක ගොඩක් වැදගත්.
1) අනිවාරෙන්ම ඔයා ලස්සනට ඉන්න ඕනේ...

කලින් කිව්ව වගේ එයා ආසයි ඔයා ලස්සනට ඉන්නවට.හැබැයි ඒකෙන් කියන්නෙ ඔයා Model කෙනෙක් වගේ ඉන්න ඕනෙ කියන එක නෙවෙයි.ඒත් එයා ආසයි ඔයා fashion කරනවට.හැබැයි මතක තියාගන්න එයා කැමති දේවල් විතරක් කරන්න හරිද!
ඒ නිසා මතක තියාගන්න ටිකක් attractive විදිහට ඇදුම් එහෙම අදින්න.එයා ඔයාට ගොඩාක් ආසවෙයි...
2)එයත් එක්ක ජොලියෙ ඉන්න....

හැමවෙලේම එයත් එක්ක ජොලියෙ ඉන්න උත්සහ කරන්න.හිනාවෙන්න.විහිලු කරන්න.ටිකක් අවුස්සලා අපහු යාලු කරගන්න.එහෙම කරනවට එයා ගොඩක් ආසයි.අනික ආදරෙත් වැඩි වෙනව.හැමවෙලේම එයාගෙ වැරදි හොයන්න එපා.එතකොට එයාට ඔයාව එපා වෙයි හොදේ!
එයාට දුකින් ඉන්න දෙන්නත් එපා.දුකින් ඉන්න වෙලාවට එයාව තනි නොකරන්නත් වග බලාගන්න ඕනේ.
3)Boy Friend එක්ක Smart ව කතා බහ කරල ඉන්නවට එයා ආසයි...

එයත් එක්ක හුරතල් වෙන්න තමයි ඔයා ඉන්නෙ.හුරතල් වෙන ගමන් එයත් එක්ක කතා කරන්න.දෙන්නට දෙන්න කෙලින් කතා කරන්න පුරුදු වෙන්න.එතකොට බැදීම හුඟක් වැඩි වෙනව. ඔයාගෙ අදහස් එයත් එක්ක බෙදාගන්නවට එයා හුගක් කැමතියි.ඒ නිසා හැමවෙලේම
එයත් එක්ක ඔයාගෙ දෙවල් බෙදාගන්න..
4)හැමවෙලේම ධනාත්මකව හිතන්න...එයත් එක්ක හිනා වෙලා ඉන්න....

හැමදාම අපිට සතුටින් කරදර බාධක නැතුව ඉන්න ලැබෙන්නෙ නෑ...හැමෝටම කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.ඉතින් එහෙමයි කියල මොකක් හරි කරදරයක් උනාම අපි වැටෙන්න හොද නෑ.හැමවෙලේම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.එයාට අවුලක් උන වෙලාවට
පුලුවන් විදිහට එයාව දිරිමත් කරන්න.එයත් එක්කම ඉන්න.කවදාවත් එයාට වැටෙන්න දෙන්න එපා.එයත් එක්ක ඔයා හැමවෙලේම ඉන්නව කියල දැනෙන්න දෙන්න.
5)මතක තියාගන්න ඔයා එයාට හැමවෙලේම අහුම්කන් දෙන්න....

ගොඩක් වෙලාවට ඔයානෙ එයත් එක්ක කියවන්නෙ.කතා කරන්න ගත්තහම නවත්තන්නෙත් නෑ.ඒ ඉතින් කෙල්ලොන්ගෙ හැටිනෙ.ඒත් ඔයා මත්ක තියාගන්න,එයා කතා කරද්දිත් එයාට ඇහුම්කන් දෙන්න.එහෙම කළේ නැත්තන් එයාට දුක හිතෙයි.
ඔයා එයාව ගනන් ගන්නෙ නෑ කියලමයි එයාට හිතෙන්නෙ.එයාට එහෙම දැනෙන්න නොදෙන එක ඔයාගෙ වගකීමක්....
6) ටිකක් mysterious වෙන්න..

මේ මොකක්ද? mysterios කියන වචනෙ තේරුමනම් අභිරහස් කියන එක.මේකෙන් අදහස් කරන්නෙ මෙන්න මේකයි,පොඩි පොඩි දේවල් ටිකක් එයාගෙන් හංගන්න.බලන්න එයාට ඒව අහුවෙයිද කියල.එහෙම කරද්දි එයාට ඔයා ගැන කුතුහලයක් ඇති වෙනව.
හරියට නිකං ඔයා පොතක් වගේ.එයා පිටුවෙන් පිටුව කියවනව.ටිකක් mysterios උනාම ඊළඟ පිටුව කියවන්න තියන ආසාව වැඩි වෙනව.
7)ඔයා හැමෝටම කරුණාවන්තයිනම් එයා ඔයාට ගොඩක් කැමති වෙයි...

මොන කොල්ලද තමන්ගෙ ගෑනු ළමය නරක නපුරු කෙනෙක් වෙනවට කැමති.කවුරුත් කැමති නෑ.හැබැයි එයා ආසයි ඔයා හැමෝටම කරුණාවන්ත වෙනවට.
හැම කොල්ලම ආස තමන්ගෙ ගෑණු ළමය හොද කෙනෙක් වෙනවට.ඉතින් හැමෝටම කරුණාවන්ත වෙනව කියන එක අමාරු වැඩක් නෙවේනෙ.?
8)වැදගත්ම දේ එයාට අවංක වෙන එක...

ආදරේ පවතින්නෙ විශ්වාසය මත.ඔයා එයාව විශ්වාස කරන තරමටම එයත් ඔයාව විශ්වාස කරනව.ඔයා කැමතිද එයා ඔයාගෙ විශ්වාසෙ කඩනවට?
අන්න ඒ වගේ තමයි එයත් කැමති නෑ ඔයා එයාගෙ විශ්වාසෙ කඩනවට.
9)පුලුවන් හැමවෙලාවකම එයාව තේරුම් ගන්න උත්සහ කරන්න....

දෙන්නට දෙන්න තේරුම් ගත්තහම තමයි ප්‍රශ්න අඩු වෙන්නෙ.ඒ නිසා පුලුවන් හැමවිටම එයාව තේරුම් ගන්න උත්සහ කරන්න.මොකද එහෙම වෙන තරමට ඔය දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙයි.
10)එයා තමා ඔයාගෙ ලෝකෙ වීරයා වෙන්න ඕනේ...

ඔයාගෙ මුලු ලෝකෙම වෙන්න ඕනෙ එයා විතරයි.වෙන කට්ටිය ගැන ඔයාලට වැඩක් නෑ.හැමවෙලාවෙම එයාව අගයන්න.කවදාවත් එයාව අනිත් අය එක්ක
සන්සන්දනය කරන්න යන්න එපා.තව දෙයක්,කොල්ලො කැමති නෑ කෙල්ලො වෙන කොල්ලො එක්ක චැට් කරනවට.අඩුම තරමෙ තමන්ගෙ යාලුවෙක්
එක්ක උනත් ගොඩක් කතා කරනවට කැමති නෑ.ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා වෙන අය එක්ක චැට් කරන එක අඩු කරන්න.එතකොට එයා ඔයාට තවත්
ලං වෙයි.
මේක ඔයාලට වැදගත් උනානම් ඔයාගෙ යාලුවොන්ටත් බලන්න Share කරන්න.
අපේ අනිත් ලිපිත් ඔයාලට වැදගත් වේවි.කියවලම බලන්නකෝ...
ඔයාලගෙ e-mail එක දාල register උනොත් මේ වගේ වැදගත් ලිපියක් දාපු ගමන් අපි ඔයාලට දන්වන්නම්..
ස්තූතියි.....!
පයිතාගේ සටහනක්....





Comments